කාලතරණය 👀 Time Travel: Theories, Paradoxes & Possibilities
කාලතරණය 👀
කට්ටිය සාපේක්ෂතාවාදය ගැන ලිපි ටික කියවන්න ඇතිනෙ. වැඩිය තේරෙන්නනම් නැතුව ඇති. අවුලක් නෑ. මොකද ඒක ගොඩක් සංකීර්ණ තියරියක්. එනිවේ,
ඕන්න අද කට්ටිය ගොඩක් කැමති මාතෘකාවක් අරගෙනයි #බැරිය ආවෙ.😎 ඒ තමයි "කාලතරණය". කාලතරණය - කාලයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම - අද වනවිට, අද විතරක් නෙවේ දශක ගණනාවක සිට ප්‍රසිද්ධ කවුරුත් කතාකිරීමට කැමති මාතෘකාවක්. අද වනවිට මේ මාතෘකාව ගොඩක් චිත්‍රපට, ටෙලිවිෂන් කතාමාලා වලට පාදක වෙලා තියෙනව. "Doctor Who" , "Star Trek" , "Back to the Future", වැනි නිර්මාණ ඔස්සේ කාලතරණය කවුරුත් අවදානය යොමුකරන දෙයක් බවට පත්වෙලා...
නමුත් යතාර්ථය අවුල් ජාලාවක්. විද්‍යාඥයන් ගෙන් කොටසක් විශ්වාස කරනවා කාලතරණය කලහැකියි කියා. ඉතුරු කොටස එය හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් කොට සලකනවා. කෙසේ නමුත් "පියවි ඇසින් එහා" අපි මේ ගැන ටිකක් හොයාබලමු
- කාලය තේරුම් ගැනීම -
🕐 කාලතරණය කරන්න කලින් කාලය ගැන දැනගෙන ඉන්න එපැයි😂. කාලය කියන්නෙ මොකක්ද? ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ කාලය නියත එනම් වෙනක් නොවන දෙයක් කියල, නමුත් මහා භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඔප්පු කරල පෙන්නුව එය මුලාවක්, මිතයාවක්, මායාවක් බවට; එය සාපේක්ෂයි. එය වෙනස් වෙමින් පවතිනවා. ඔබ අවකාශයේ ගමන් කරනා වේගය අනුව එය වෙනස්විය හැකියි. අයින්ස්ටයින් ට අනුව නම් කාලය කියනෙ "සිව්වැනි මානයයි" (Fourth Dimension). අවකාශය විස්තර කරන්නෙ
මාන තුනක් සහිත රග මඩලක් ලෙසයි. ඒ කියන්නෙ දිගක් ,පළලක් ,උසක් සහිත දෙයක් ලෙසටයි.
ඊට කාලයත් එකතු උනාම මාන හතරක් බවට පත්වෙනවා. නමුත් එහි විශේෂත්වයක් පවතිනව. මොකද කාලය ගමන් කරන්නෙ ඉදිරියට පමණයි.
අයින්ස්ටයින් ගේ විශේෂ සාපේක්ෂතාවාදය (Special Relativity) ට අනුව; කාලයේ වේගය අඩු වීම හෝ වැඩිවීම, රදාපවතිනව වෙනත් යමකට සාපේක්ෂ ව ඔබ ගමන් කරනා වේගයට. උදාහරණයක් කීවොත් ඈත අභ්‍යාවකාශයේ අභ්‍යාවකාශ යානයක ඔබ සිටිනවානම්, ඔබගේ නිවුන් සහෝදරයා හෝ සහෝදරිය පෘථිවියේ සිටිනවානම්. (නැති උනත් ඉන්නව කියල හිතාගනින්කො 😂) ඔබේ කාලයේ ගතවීමේ වේගය ගොඩාක් අඩුයි ඔබේ නිවුන් සහෝදරියගේ හෝ සහෝදරයාගේ කාලය ගතවීමේ වේගයට සාපේක්ෂව. ඒ වගේම අයින්ස්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය අනුව ගුරුත්වය ට හැකියි කාලයට බලපෑමක් කිරීමට. එනම් කාලය හැරවීමට හෝ නැවීමට ගුරුත්වය ට හැකියි.
විශේෂ හා සාමාන්‍ය සාපේක්ෂතාවාද දෙකම දැන් තහවුරු වී හමාරයි. ඒ GPS චන්ද්‍රිකා තාක්ෂණයත් සමගයි. ඒ චන්ද්‍රිකා වල තිබෙනවා ඉතාමත් නිරවද්‍ය ඔරලෝසු.
නමුත් ඒවායේ ගතවන වේලාවත් පෘථිවියේ ගතවන වේලාවත් අතර වෙනසක් තිබෙනවා. ඊට බලපාන්නේ චන්ද්‍රිකාව ගමන් ගන්නා වේගය හා ගුරුත්වයයි.
එනම් දිනකට ඒවායේ මිලි තත්පර 38ක වෙනසක් සිදුවනවා. (පෘථිවියේ කාලයට වඩා මිලිතත්පර 38ක් අඩුයි) ඒ නිසා දිනපතා ඒවා සැකසීමට සිදුව තිබෙනවා. එයින් ඔප්පු වෙනවා පෘථිවියේ කාලය ගත්වීමේ වේගයට සාපේක්ෂ ව අභ්‍යාවකාශයේ කාලය ගතවීමේ වේගය අඩු බව. එනම් නිතැකින්ම ගගනගාමීන් කාලය තරණය කරන්නන් බවට පත්වෙනවා. ඔවුන් අභ්‍යාවකාශයේ සිට පෘථිවියට පැමිණෙන්නේ තත්පර ගනනක් හෝ වයසින් අඩු වීමෙනුයි.
මතු සම්බන්ධයි...
(පියවි ඇසින් එහා)



Comments
Post a Comment