Phone Charging

ෆෝන් එක චාර්ජ් වෙන්න දාන්න ඕනේ සම්පූර්ණයෙන්ම බැට්‍රි බැස්සට පස්සේ

මං ෆෝන් බැට්‍රි ගැන කතාකරන එවයින් දෙවන එක තමයි මේක.

ඔව් මෙහෙම කරන්නෝන කාලයක් තිබ්බා. ඒ තමයි අර අපි නයි ගේම් ගහපු චූටි චූටි ෆෝන් තිබ්බ කාලේ. හරියටම කියනව නම් නොකියා, මොටොරොලා, සෝනි "එරික්සන්" වගේ ෆෝන් වලට ගහන්න ෆෝන් තිබ්බ නැති කාලේ. ඒකට හේතුව ඒවගේ තිබ්බේ Ni-Cad (Nickel Cadmium) සහ Ni-MH (Nickel Metal Hydride) කියන බැට්‍රි වර්ග දෙක. අර සීයා කාලේ ෆෝන් වල විතරක් නෙවෙයි, කාලයක් යනකන් ස්මාර්ට් ෆෝන් වලටත් ඕය කියන බැට්‍රි ආවා. දැන් ඔය කියන Ni-Cad සහ Ni-MH බැට්‍රි වල තිබ්බා අවුලක්. ඒකට කියනව Memory effect කියල. මේ කියන effect එක නිසා ඔය කියන ජාතියේ බැට්‍රි වල memory එක lose වෙනවා.

බැට්‍රියට කොහෙද යකෝ මෙමරියක්. අනේ දිනුවො ගොං කතා නොකියා වැඩක් බලා ගනින්. ඔන්න දැන් බොට හිතුණු දේ. දැන් බලමු ඔය කියන හුට්ටප්පරේ මොකක්ද කියල.

ඔය කියන මෙමරිය අපි හිතන මෙමරි එක නෙවෙයි. මේ මෙමරි එක වෙනස්. දැන් ඔය කියන එක වෙන්නේ මෙහෙමයි. අර කිව්ව ජාතියේ බැට්‍රියක් තියෙනව 1000mAh කැපෑසිටි තියෙන. ඕකේ 20% පවර් එක තියෙනව (200mAh). ඒ තියෙද්දි අපි චාර්ජ් එකට ගහනව. ගහල ෆුල් චාර්ජ් එකක් දෙනව. එතකොට ඔය බැට්‍රි දෙජාතිය එයාගේ සම්පූර්ණ කැපෑසිටිය අඳුර ගන්නේ 800mAh විදිහට. අර තිබ්බ 200mAh මතක් නෑ. එතකොට දැන් මෙයා හිතන්නේ අර චාර්ජ් වෙච්ච් 80% තමයි එයාගේ ෆුල් කැපෑසිටි එක කියලා. ඉතිං ෆෝන් එක ඔන් එකේ තියෙන ටයිම් එක අඩුයි. මොකද අර 20% දැනටමත් ලොස්ට්. ඔන්න ඕකයි ඒ දවස් වල කිව්වේ ෆෝන් එක Battery low වෙලා off උනාම (full discharge උනාම) ෆෝන් එක චාර්ජ් කරන්න කියල.

දැන් එමු Lithium-Ion දිහාට. Li-Ion කියන්න ඉස්සර හිටපු Ni-Cad, Ni-MH කියන නට් ලූස් වෙච්ච සීය පප්ප ටයිප් බැට්‍රි එකක් නෙවෙයි. ඌ ඇවිල්ලා අමුතුම ජාති ඩයල් එකක්. හරියටම කියනව නම් නව පරපුරේ ඩෑල් එකක් (අර ලැම්බොගිනි ඉල්ලන ජාතියේ නෙවෙයි). 1000mAh Li-Ion බැට්‍රි එකක 20%ක චාර්ජ් එක තියෙද්දි අපි ෆෝන් එක චාර්ජ් එකට ගැහුවම එයා දන්නව, හරි මගෙ දැනට 200mAh තියෙනව, මගේ බඩ පිරෙන්න තව කන්න ඕනේ 800mAh කියල. ඉතිං ඔහොම චාර්ජ් එකට ගහල තියෙද්දි 80%දී ගැලෙව්වොත් ඒත් බැට්‍රි එක දන්නව මගේ බඩ පිරිල තියෙන්නෙ 80% කියල. ඉතිං දැන් එන ස්මාර්ට් ෆෝන් වල තියෙන්නෙ Li-Ion නිසා ඕනම වෙලාවක චාර්ජ් එකට ගහල ෆුල් චාර්ජ් වෙන්න කලින් ගැලෙව්ව කියල අවුලක් යන්නේ නෑ අර කලින් කියල තියෙන බැට්‍රි ජාතියේ වගේ.

දැන් මෙහෙම මේ පෝස්ට් එක කියවල හිතුණු හිතුණු වෙලාවට චාර්ජ් එකට ගහන්න යන්නත් එපා. සාමාන්යෙන් Li-Ion තියෙන ෆෝන් එකක් චාර්ජ් එකට දාන්න ඕන ප්‍රශස්ත බැට්‍රි ලෙවල් එක 15% - 20% අතර කියල. ඒත් ඒකේ සත්‍ය අසත්‍යතාවය හෝ ඒකේ තියෙන ලොජික් එක නම් මං දන්නේ නෑ. ඒත් ගොඩක් අය එහෙම කියන්නේ හේතුවක් තියෙන නිසා වෙන්නත් පුළුවන්. මමත් මේ තාම ඒ ගැන හොයනව. හරි තොරතුරක් තාම ලැබුනේ නම් නෑ. ඒත් ඇපල් එකේ අයියලා නම් මෙන්න මෙහෙම කියල තියෙනවා.

"Charge your Apple lithium-ion battery whenever you want.There’ s no need to let it discharge 100% before recharging. Apple lithium-ion batteries work in charge cycles.You complete one charge cycle when you’ve used (discharged ) an amount that equals 100% of your battery’s capacity, but not necessarily all from one charge. For instance, you might use 75% of your battery’ s capacity one day, then recharge it fully overnight. If you use 25% the next day, you will have discharged a total of 100%, and the two days will add up to one charge cycle. It could take several days to complete a cycle.The capacity of any type of battery will diminish after a certain amount of recharging.With lithium-ion batteries, the capacity diminishes slightly with each complete charge cycle. Apple lithium-ion batteries are designed to hold at least 80% of their original capacity for a high number of charge cycles, which varies depending on the product."

දැන් තේරුණානේ මොකද්ද ආදී කාලේ උන සීන් එක මොකක්ද, දැන් කාලෙ වෙන්න මොකක්ද කියලා. ඉතිං දැන් ඔය සේරම කියලත් තව කොස්සක් තියෙනව. ෆෝන් හදන උං කියනව මාස තුනකට සැරයක්වත් බැට්‍රි එක ෆුල් ඩිස්චාජ් කරල ෆුල් චාර්ජ් එකක් දීල බැට්‍රි එක calibrate කරන්න කියල. දැන් ඔහොම ෆුල් ඩිස්චාර්ජ් කරල ෆුල් චාර්ජ් එකක් දුන්නම බැට්‍රි එකේ චාජින් ලයිෆ් සයිකල් එකක් එහෙම්මම ඉවර වෙනව. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා දැන් එන ෆෝන්ස් වලට  digital calibration tool built in එවනවා බැට්‍රි එකත් එක්කම. ඉතිං දැන් අපිට ඔය ඉස්සර කරා ගේ මාස ගාණකට සැරයක් calibrate කරන්න ඕන වෙන්නේ නෑ. හරි එහෙමයි කියල ජීවිත කාලෙටම calibrate නොකර ඉන්න වෙන්නෙත් නෑ. මේකෙන් වෙලා තියෙන්නෙ calibrate කරන්න ඕන වාර ගණන අඩු කරන එක විතරයි. අපි හිතමු ෆෝන් එක අවුරුද්දක් ඔහොම යූස් කරනව. එක පාරටම බැට්‍රිය ෆුල් අන්දොස් වෙලා වඩිගපටුන නටනව. අන්න ඒ වෙලාවට අපි අර විදිහට calibrate කරන්න ඕන. අර පිස්සු නටන ඒවට උදාහරණයක් මං දෙන්නම්. බැට්‍රිය ෆුල්චාර්ජ් එකට ගහල 100% පස්සෙ යූස් කර කර ඉද්දි එක පාරටම හෙණ ගැහුව වගේ ලොකු සයිස් percentage එකකින් බැට්‍රියේ චාර්ජ් එක අඩු වෙනව. 100% ඉඳලා 25%ට වගේ බහිනව එක සෙනෙකයකින්. අන්න බැට්‍රිය කියනව calibrate කරපිය මාව කියල. අන්න ඒ වගේ වෙලාවට ෆෝන් එක ඕෆ් වෙන්නම යූස් කරල ෆෝන් එක ඔෆ් කරල චාර්ජ් එකට ගහල ෆුල් චාර්ජ් එකක් දීල බැට්‍රිය calibrate කරගන්න ඕනේ. ඒ කරලත් අන්දොස් නටවනම් ඒ කියන්නේ බැට්‍රියේ කාලේ හරි, මාරු කරපං කියල තමයි කියන්නේ.

දැන් ඉතිං ඉතිරි ටික. මේ කියපු දේවල් අදාල වෙන්නේ ඔරිජිනල් ඇක්සසරීස් වලට විතරයි. නැතුව කොටුවේ පේමන්ට් එකේ 200ට ගන්න තියෙන බැට්‍රියට, අලිඑක්ස්ප්‍රස් එකේ $5ට ගෙන්නපු බැට්‍රි එකට, ලංකාවේ කඩවල තියෙන 500 බැට්‍රියට මේව අදාල වෙන්නේ නෑ.

ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ, දැන් කාලේ ෆෝන් ගන්න ගොඩක් අය බලන්නේ chip-set එක, RAM එක, Camera එක ඇරුනම front cam එකෙන් ගැහුවම සුදු පාටට පේනවද, කුරුලෑ නැති වෙනවද, වටේට බොඳ වෙනවද, ඩුවල් ලෙන්ස්ද, ඔලුබක්කො නටනවල විකුණනවද, වෙන රටවල විකිණිච්ච ෆෝන් ප්‍රමාණය වගේ එකී නොකී මෙකී ලඳ බොළඳ දේවල් මිසක ෆෝන් එකේ හදවත වගේ තියෙන බැට්‍රිය ගැන ලොකු අවධානයක් දෙන්නේ නෑ. බැට්‍රිය ගැන හෙව්වත් හොයන්නේ කැපෑසිටිය ගැන විතරයි. මං අර උඩ කිව්ව වගේ digital calibration tool එකක් ෆෝන් එකත් එක්ක inbuilt එනවද නැද්ද වගේ දේවල් ගැන හොයන්නේම නැති තරම්. ඉතිං අද ඉඳලවත් ෆෝන් එකක් ගන්න යනකොට ඒ ෆෝන් එකේ බැට්‍රියේ කැපෑසිටි එක විතරක්ම හොයන්න එපා. අනිත් දේවලුත් හොයන්න. හොයල බලල ගන්න. ගන්නම් වාලේ ගන්න එපා.

ඉතිං මේ පොස්ට් එක කියවලා බලල මේකේ වැරදි අඩුපාඩු මොනව හරි තියෙනව ඒව සාකච්ඡා කරමු. දැනුම බෙදාගමු. තව ඇඩ්වෙන්න ඕන දේවල් තියෙනව නම් ඒවත් කතා කරමු.

ඊලඟ මිත්‍යා මතයත් එක්ක ඉලග එකෙන් කතා

Comments